විදේශ මුදල් තොගයක් සමග පුද්ගලයකු කටුනායකදී අත්අඩංගුවට

Wednesday, 03 May 2017 - 15:01

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීති විරෝධීව සිංගප්පුරුවට රැගෙන යාමට උත්සාහ කළ විදේශ මුදල් තොගයක් සමග ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩෙංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සිය ගමන් මල්ලේ සගවා රුපියල් එක් කෝටි තිස් නව ලක්ෂයක් වටිනා අමරිකානු ඩොලර් / සෞදි රියාල් සහ ඩෙන්මාර්ක් ක්‍රෝනර් තොගයක් රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි මෙම පුද්ගලයා අද උදෑසන සිංගප්පුරුව බලා යාමට ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා.

ඔහු රැගෙන ආ ගමන් බෑගය පිළිබඳ ඇතිවු සැකයක් මතයි රේගු නිලධාරීන් එය පරීක්ෂා කර ඇත්තේ.

සැකකරු පිළිබඳ තවදුරටත් විමර්ශණ ක්‍රියාත්මකයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories