මන්ත්‍රී නාමල් ඇතුලු 5 කට සිතාසි

Wednesday, 03 May 2017 - 16:21

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%94+5+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B7%83%E0%B7%92
රුපියල් මිලියන 30 ක මුදලක් උපයාගත් ආකාරය හෙළි නොකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුලූ පස්දෙනෙකුට කොළඹ මහාධිකරණය සිතාසි නිකුත් කර තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේ දී මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ සැකකරුවන්ට නියෝග කළේ ලබන මස හය වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.  

ගවර්ස් කෝපරේෂන් ආයතනය හෙලෝ කෝප් සමාගමේ රුපියල් මිලියන 125ක කොටස් සැකකටයුතු ලෙස මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රජපක්ෂ ඇතුලූ පස්දෙනෙකුට මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories