විද්‍යා දැරියගේ ඝාතනයේ විත්තිකරුවන්ට අධි චෝදනා

Thursday, 04 May 2017 - 8:49

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
යාපනය - පුංකුඩුතිව් ප්‍රදේශයේදී විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවන් 10 දෙනාට යාපනය මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඉදිරි කටයුතු සිදු කරන ලෙස නීතිපතිවරයා කයිට්ස් පොලීසියට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ හදිසි නඩු විභාගයක් ලෙස කඩිනමින් විභාග කර අවසන් කරන ලෙසද නීතිපතිවරයා දැනුම් දී ඇති බව සදහන්.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඉන් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය අප්‍රේල් මස 28 වනදා රජයේ සාක්ෂිකරුවන් කරමින් ඇප මත නිදහස් කිරීමටයි අධිකරණය පියවර ගත්තේ.

ඒ, නීතිපතිවරයා කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට කළ දැනුම්දීමකට අනුවයි. 2015 වසරේ මැයි 14 වනදා විද්‍යා දැරිය සමූහ දුෂණයට ලක් කර ඝාතනය කර තිබුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories