සයිටම් විරෝධී වර්ජනය ඇරඹේ

Friday, 05 May 2017 - 8:12

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම ඇතුළු ඉල්ලීම් 03 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෘත්තීය සමිති රැසකගේ සහභාගීත්වයෙන් ප්‍රකාශයට පත්කර ඇති දීපව්‍යාප්ත වැඩවර්ජනය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ සදහා වෘත්තීය සමිති රැසක් සහාය පළ කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන, ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක වෘත්තීය සමිතිවල සහයෝගයෙනුයි මෙම වර්ජනය ක්‍රියාත්මක වන්නේ.

මේ අතර, දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ද එක්දින සංකේත වර්ජනයක් මීට සමගාමීව ආරම්භ කර ඇති බවයි.

මේ හේතුව නිසා අද උදෑසන සිට කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රියන් රැසක් මේ වනවිට අවලංගු කර තිබෙනවා.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ අද සේවයට වාර්තා නොකරන කොන්ත්‍රාත් පදනමේ දුම්රිය රියදුරන් සහ නියාමකවරුන්  සේවය අත්හැර ගියා සේ සලකා කටයුතු කරන බවයි.

මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ වර්ජනය උතුරේ රෝහල් තුල ක්‍රියාත්මක වුව ද බස් ධාවනය / පාසල් කටයුතු සහ දුම්රිය ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

වර්ජනය හේතුවෙන් උතුරේ රෝහල් වෙත පැමිණි විශාල පිරිසක් ප්‍රතිකාර නොමැතිවීම හේතුවෙන් යළි නිවෙස් බලා ගොස් තිබෙනවා.

වර්ජනයට සහය නොවන උතුරේ බස් සංගම් සහ අධ්‍යාපන බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ වර්ජනය පිළිබඳ වගකිව යුතු නිලධාරීන් සම්බන්ධ නොවීම සහ සහතික නොවීම හේතුවෙන් දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන  බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories