ගම්පොළ දී කුඩා දරුවා සමඟ පැහැර ගත් තරුණයා මුදා හරී

Saturday, 06 May 2017 - 10:57

%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B7%85+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B6%BB%E0%B7%93
ගම්පොළ නගරයේදී පැහැර ගැනීමට ලක්වූ අවුරුදු දෙකයි මාස 8ක් වයසැති කුඩා දරුවා සමඟ සිටි 26 හැවිරිදි තරුණයා කප්පම්කරුවන් විසින් මුදා හැර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ කප්පම්කරුවන් විසින් මහනුවර ප්‍රදේශයේදී තරුණයා මුදා හැර ඇති බවයි.

ඒ අනුව අදාළ තරුණයාගෙන් ලද තොරතුරු මත කුඩා දරුවා සොයා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව අදාළ පොලිස් කණ්ඩායම් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත්තේ කොළඹ හා ගාල්ල ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්.

පසුගිය 2 වන දා සිට මෙම තරුණයා සහ සිය කුඩා දරුවා අතුරුදන්ව ඇති බවට දරුවාගේ මව විසින් ගම්පොළ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.

එමගින් සඳහන් කර තිබුණේ දරුවා සමඟ අතුරුදන් වූ තරුණයා පවුලේ ඥාතියෙකු වන අතර, තම සැමියාට දිවා ආහාරය රැගෙන ගම්පොළ පිහිටි ඔහුගේ ව්‍යාපාරික ස්ථානය වෙත පැමිණෙමින් සිටියදී මෙලෙස අතුරුදන් වී ඇති බවයි.

කෙසේ වෙතත්, පෙරේදා පස්වරුවේ දරුවා සමඟ පැහැර ගැනීමට ලක්වූ තරුණයාගේ ජංගම දුරකථනයෙන් දරුවාගේ පියාට ඇමතුමක් ලබාදුන් පුද්ගලයෙකු පවසා තිබුණේ දරුවා නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ලබාදෙන ලෙසයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය අද පෙරවරුවේ සඳහන් කළේ කුඩා දරුවා සොයා ගැනීම සඳහා මහජනතාවගේ සහය අපේක්ෂා කරන බවයි.

ඒ සඳහා දුරකථන අංක කිහිපයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.  

0718501070 යන දුරකථන අංකයෙන් ගම්පහ කොට්ඨාශය භාර නිලධාරීවරයා හෝ 0718591073 යන දුරකථන අංකයෙන් ගම්පොළ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හෝ 0112 431354, 0112 451397 දුරකථන අංක ඇමතීමෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට මෙම තොරතුරු ලබාදිය හැකි බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories