වත්තල දී පුද්ගලයෙකු අතුරුදන්වීමේ සිද්ධියේ බිරිඳ, දියණිය සහ බෑණා පළා යයි

Sunday, 07 May 2017 - 15:56

%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%2C+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%91%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වත්තල - කෙරවළපිටිය ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන් වූ බව කියන 65 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳ, දියණිය සහ බෑණා නිවස අතහැර පළා ගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බවට සැකපිට ඔහුගේ බිරිඳ සහ දියණිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, මේ වන විට ඔවුන් පදිංචිව සිටි නිවසට පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බවයි පොලිස් මූලස්ථානය සදහන් කළේ.

අතුරුදන් වූ බව කියන පුද්ගලයා විදේශගතව සිටින බවට බිරිඳ හා දියණිය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් වත්තල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් ඔස්සේ පරීක්ෂණ පවත්වා තිබෙනවා.

ආගමන විගමන තොරතුරු ඔස්සේ අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයා විදේශගත වී නොමැති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත වත්තල පොලීසිය සහ කැළණිය කොට්ඨාශ අපරාධ පරීක්ෂණ නිලධාරීන් එම නිවස සෝදිසි කර ඇති බව සදහන්.

පළා ගිය බිරිඳ, දියණිය සහ බෑණා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories