පුතුගෙන් රුධිරය ගත් බවට කින්නියාවේ පියෙකුගෙන් පැමිණිල්ලක්

Monday, 08 May 2017 - 7:43

%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%94%E0%B6%B0%E0%B7%92%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
පාසල් විවේක කාලයේදී නාඳුනන පුද්ගලයෙකු විසින් තම පුත්‍රයාගේ රුධිර සාම්පලයක් ලබා ගෙන ඇති බව පවසමින් කින්නියා ප්‍රදේශයේ පියෙකු පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සිද්ධිය වාර්තා වන්නේ පසුගිය සිකුරාදා පස්වරුවේයි.

ත්‍රිකුණාමලය - කින්නියා ප්‍රදේශයේ අල් අදාන් විද්‍යාලයේ 6 වන වසරේ අධ්‍යාපය ලැබු සිසුවෙක් මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර, පාසල් විවේක කාලයේදී සුදු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ තමන්ගෙන් රුධිරය ලබා ගත් බවයි එම සිසුවා කියා සිටියේ.

කින්නියා - ෆයිසාල් නගරයේ පදිංචිකරුවෙකු වන එම සිසුවා එදින පස්වරුවේ තම පියාට මේ පිළිබඳ දැනුම්දී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පාසලේ විදුුහල්පතිවරයාගෙන් විමසූ අවස්ථාවේ එවැනි සිද්ධියක් පිළිබදව තමන් දැනුවත්ව නොමැති බව ඔහු පැවසූවේ යැයි දරුවාගේ පියා කියා සිටියා.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් රෝහල ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා සිසුවාගෙන් රුධිර සාම්පලයක් ලබා ගෙන ඇති බවද සදහන්.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories