නිධානයක් හාරමින් සිටි 05 ක් අල්ලයි

Monday, 08 May 2017 - 13:28

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+05+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර ගලෙන්බිදුණුවැව පොලිස් වසමේ දුටුවැව ප්‍රදේශයේ ඔලුකලගල නිවසක වත්තක නිධානයක් හාරමින් සිටියදී පුද්ගලයන් 05 හා යතුරැ පැදි 06 නිදහන හැරිමට භාවිතා කල උපකරණ මන්ත්‍ර පොත් ඇතුළු උපකරණ රාසියක් අද දහවල් කාලයේ ගලෙන්බිදුණුවැව පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

පොලිසිය සදහන් කලේ ගලෙන්බිදුණුවැව පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව දුටුවැව ප්‍රදේශයේ ඔලුකලගල වික්‍රමයා නොහොත් කොස්තා නැමැත්තාගේ නිවස පසුපස ගෙවත්තේ මෙම නිධානයක් හාරමින් සිටියදි අත්අඩංගුවට ගත් බවත් අත්අඩංගුවට ගත් පිරිස කෑගල්ල,දුටුවැව,හිගුරක්ගොඩ, ඇතුළු විවිධ පලාත්වල අය බවයි.

ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිරිමෙවන් කරුනාතිස්ස මහතාගේ මෙහෙය වීම මත උප පොලිස් පරික්ෂකවරු 05 දෙනෙකු ඇතුළු පොලිස් නිළධාරින් 13 දෙනෙකු මෙම මෙහෙයුමට සහභාගි වී පිරිස අත්අඩංගුවට ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories