හිටපු ජනපති මහින්ද නැගණියට අවසන් ගෞරව දක්වයි (ඡායාරූප)

Tuesday, 09 May 2017 - 14:32

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9E%E0%B6%BB%E0%B7%80+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක ඊයේ (08) අලුයම අභාවප්‍රාප්ත වුණා.

කොළඹ පෞද්ගලික රෝහලකදී මියනවිට ඇගේ වයස අවුරුදු 58 ක්.

9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ගාන්ධිනී රාජපක්ෂගේ දේහය ඊයේ (08) බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කළ අවස්ථාවේ එතුමියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් හා දුවා දරැවන් පැමිණ සිටියා.

දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.

ගාන්ධිනී රාජපක්ෂ මහත්මියගේ දේහය බොරැල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කළ අවස්ථාව පහතින් දැක්වේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories