වෙසක් උත්සව සංවිධායකයන්ට පොලිසියෙන් ඉල්ලීමක්

Tuesday, 09 May 2017 - 16:44

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වෙසක් උත්සව සමයේ බෞද්ධ ආගමික ප්‍රතිපත්තිවලට හානිකර සහ අගෞරව වන ආකාරයෙන් කටයුතු සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

ඔලුබක්කන් නැටවීම වැනි ක්‍රියාවන් ඇතැම් ස්ථානවල තවදුරටත් සංදර්ශණ ස්වරූපයෙන් පැවැත්වෙන බවට තොරතුරු පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම තත්වය වැළැක්වීම සඳහා එවැනි සංදර්ශණ සංවිධාන කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා තිබෙනවා.

පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බෞද්ධ ආගමික ප්‍රතිපත්තිවලට එරෙහිව බුදු දහම නිගාවට ලක්වන ආකාරයේ විකාර රූපී සංදර්ශණ සංවිධානයෙන් වැළකී සිටින ලෙසටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories