මත්කුඩු වැටලීමට ගිය පොලීසියට වෙඩි තබා පලාගිය බවට සැකකෙරෙන යතුරුපැදිය සොයාගැනේ

Wednesday, 10 May 2017 - 11:39

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BD%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
පිලියන්දලදී එල්ල වූ ප්‍රහාරය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඉල්ලක කර සැලසුම් සහගතව සිදුකළ අපරාධයක් බවට තොරතුරු හෙළි වෙමින් පවතින බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ සිද්ධිය පසුපස ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙකු සිටින බවට ද පොලිස් බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවයි.

ඔහු විසින් සැලසුම් සහගතව මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පොලිසියට ව්‍යාජ ඔත්තුවක් ලබාදී ඔවුන් පැමිණෙනතුරු සිට ප්‍රහාරය එල්ල කර ඇති බවටයි මේ දක්වා සිදුකළ මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණ වී ඇත්තේ.

එමෙන්ම, ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි යතුරුපැදියක් ද අද (10) පෙරවරුවේ මහරගම - දෙහිවල පාරේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

පිලියන්දල - මොරටුව පාරේ පිහිටි රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් පිරිසක් ඉලක්ක කර ගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ල වුණා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙකු මියගිය අතර, එම කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව, පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුලූ හය දෙනෙකු තුවාල ලැබුවා.

ඒ අතර, කුඩා දරුවන් දෙදෙනෙකු සහ දැරියක ද වන බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාලකරුවන් මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන එක් කුඩා දැරියකගේ තත්ත්වය තරමක් බරපතල බව සඳහන්.

මේ අතර, සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා පිලියන්දල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් 4 ක් පත් කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහයෝගය ද ලබාගෙන තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories