උතුරුමැදට නව සෞඛ්‍ය ඇමතිවරයෙක්

Wednesday, 10 May 2017 - 12:15

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
උතුරුමැද පළාත් සභාවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම, ළමා රක්ෂණ, පරිසර හා සමාජසේවා සුබසාධන අමාත්‍ය ටී.එච්.නන්දසේන එම ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

ඒ වෙනුවට එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී එම්. හේරත් බණ්ඩා පත් කර ඇති අතර ඔහු අද (10) ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මේ පිළිබඳ අප කළ විමසීමකදී පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයාගේ දැනුම්දීමක් මත මෙම පත්කිරීම සිදුකළ බවයි.

කෙසේ වෙතත්, තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ මේ දක්වා තමන්ට කිසිදු දැනුම්දීමක් සිදුකර නොමැති බවයි හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.එච්.නන්දසේන අප කළ විමසීමකදී සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories