හිරු ශාක්‍යසිංහ මංගල්‍යය සඳහා රිදී විහාර පුදබිමට ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් එක්වේ

Wednesday, 10 May 2017 - 13:07

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් හිරු ටී.වී., හිරු එෆ්.එම්. සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් මේ වනවිට කුරුණෑගල - රිදී විහාර පින් බිමේදී පැවැත්වෙනවා.

දුටුගැමුණු මහ රජු විසින් කරවා පූජා කරන ලද ඓතිහාසික රිදී විහාරය දහස් ගණනක් මහ රහතුන් වැඩවාසය කළ උතුම් පුණ්‍ය භූමියක්.

එවන් පින්බිමක සිටයි ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවන්ගෙන් ඒකාලෝක කරමින් හිරු ශාක්‍යසිංහ මංගල්‍යය අද (10) උදෑසන ආරම්භ වූයේ.

ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, ඇතුලු පුණ්‍ය ක්‍රියා රැසක් අද රිදී විහාර පින්බිමේදී සිදු කෙරෙනවා.

මේ අතර, තතාගත සම්බුදු රජාණන් වහන්සේ වෙනුවෙන් දහවල් බුද්ධ පූජාව ද සිදුකෙරුණේ උඩුවියන් බැඳ හේවිසි නාදය මධ්‍යයේයි.

බාවුරුවේ යාම්ලෙන රජ මහාවිහාරාධිකාරි රාජකීය පණ්ඩිත හඟුරන්කෙත ඥානරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් දහවල් බුද්ධ පූජාව පූජා කිරීම එහිදී සිදුකෙරුණා.

එමෙන්ම, සංවාදාත්මක ධර්ම සාකච්ඡා මණ්ඩපයක් ද රිදී විහාර පින් බිමේදී අද උදෑසන සිදුකෙරුණේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගිත්වයෙන්.

එම ධර්ම සාකච්ඡා මණ්ඩපය සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය හඟුරන්කෙත දියරානන්ද හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිමල් විජේසිරි සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිතකලා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුදර්ශන බණ්ඩාර ද එක්වූ අතර එහිදී ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සම්බන්ධයෙන් අදහස් පළ වුණා.

මේ අතර, ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් දැල්වෙන ෂඞ් වර්ණ ආලෝකයෙන් රිදී විහාර සෑ රඳුන් පුදන්නේ අද පස්වරුවේයි.

පහන් ලක්ෂයක් දල්වා සිදුකෙරෙන මහා ආලෝක පූජාව ද ඊට සමගාමීව පැවැත්වෙනවා.

ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ ආශිර්වාදය ලැබූ, හිරු උත්තම ධාතු වන්දනාව ආරම්භවන්නේ හෙට අලුයමයි.

කපිලවස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් මේ වනවිට සියලු පහසුකම් සැළසීමට ආසියානු මාධ්‍ය ජාලය කටයුතු සූදානම් කර අවසන්.

මේ අතර හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය පස්වන වරටත් එළිදක්වන දැවැන්ත ඩිජිටල් තොරණ දැන් ඔබට නැරඹිය හැකියි.

ලොව  ඕනෑම තැනක සිට එකම වේලාවකදී වැඩිම පිරිසකට නැරඹිය හැකි මෙම ඔන්ලයින් තොරණ් රාජයා මගින් මෙවර තයෝ ධම්ම ජාතක කථා වස්තුව නිිරූපණය කෙරෙනවා.

පස්වන වරට මෙවර ඉදිරිපත් කෙරෙන මෙම තොරණ  www.hirufm.lk හෝ www.hirutv.lk වෙබ් අඩවියට පිවිසීමෙන් නැරඹිය හැකිියි.

අද උදෑසන රිදී විහාර පින් බිමේදී සිදුකෙරුණු අටසිල් සමාදන් කරවීම.



රිදී විහාර භූමියේදී අද උදෑසන සිදුකල ධර්ම දේශනාව.



 කුරුණෑගල - රිදී විහාර පින් බිමේදී සහ වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේදී සිදුකෙරුණු දහවල් බුද්ධ පූජා පිංකම.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories