ලොවම මවිත කළ තනපටයක් ළඟදීම වෙළඳපොලට

Wednesday, 10 May 2017 - 16:08

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80%E0%B6%B8+%E0%B6%B8%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%9A%E0%B7%85+%E0%B6%AD%E0%B6%B1%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7
මෙක්සිකෝවේ තරුණයෙකු පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත විශේෂ තනපටක් නිෂ්පාදනය කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම තනපටය නම් කර ඇත්තේ ඉවා බ්‍රා නමින්.

පිළිකාවක් ඇතිවීමට හේතු සාධක විය හැකි වෙනස්වීමක් පියයුර තුළ ඇතිවේනම් ඒ පිළිබඳව අනතුරු ඇඟවීමේ හැකියාවක් මෙම තනපටයට ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

තවමත් මූලාකෘතියක් වශයෙන් පමණක් පවතින මෙම නිෂ්පාදනයට ශිෂ්‍ය ව්‍යවසායකයන් සඳහා වන ලෝක සම්මාන උළෙලේ පළමු ත්‍යාගය හිමිව තිබෙනවා.

මෙම තනපට අත්හදා බැලීමේ මට්ටමට ගෙන ඒම සඳහා අවශ්‍ය මුදල මේවනවිටත් තමන්ට ලැබී ඇති බවයි අදාළ තරුණය ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මහා බ්‍රිතාන්‍යයේ පිළිකා පර්යේෂණ ආයතනයේ ඇනා පර්මන් කියා සිටියේ විද්‍යාත්මකව අත්හදා බැලීමක් සිදුකර නොමැති තාක්ෂණයක් මත යැපීම සුදුසු නොවන බවයි.

කෙසේ නමුත් 18 හැවිරිදි ජුලියන් රියෝස් කන්ටූ මෙම විශේෂ තනපටය නිපදවීමට වෙහෙසී ඇත්තේ සිය මවට පියයුරු පිළිකාවක් වැළඳීම හේතුවෙන්.

එය කල්තබා විනිශ්චය කරගැනීමට වෛද්‍යවරයා අසමත් වීම හේතුවෙන් සිය මවගේ පියයුරු යුවළම ඉවත් කරන්නට සිදුවී තිබෙනවා.

පියයුරු පිළිකා කල්තියා හඳුනා ගැනීමේ හැකියාවක් සහිත බවට විශ්වාස කෙරෙන මෙම විශේෂ තනපට ලබන වසරේ වෙළඳපලට නිකුත් කළහැකි බව මෙම නවයොවුන් නිමැවුම්කරුවා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories