සැමියාගේ මළ සිරුර හෝකන්දර නිවසක - බිරිඳ රෝහල් ගත කරයි

Thursday, 11 May 2017 - 8:12

%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%9D%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+-+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
අතුරුගිරිය - හෝකන්දර - රත්නාරාම ප්‍රදේශයේ නිවසක තිබී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ එම නිවසේම සිටි වයෝවෘද්ධ කාන්තාවක් ප්‍රතිකාර සඳහා ඊයේ රාත්‍රියේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, රෝහල් ගතකළ ඔහුගේ බිරිඳගේ වයස අවුරුදු 70 ක්.

මෙම පුද්ගලයා දින දෙකකට පෙර මියයන්නට ඇති බවට සැක කෙරෙන අතර කළක සිට අසනීප තත්ත්වයෙන් පසුවී ඇති බවද පොලීසිය  ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories