දික්කුඹුරේ ඝාතන සිද්ධිය සෙවීමට ඒකාබද්ධ මෙහෙයුමක්

Thursday, 11 May 2017 - 10:18

%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%B9%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - ඉමඳුව - දික්කුඹුර මංසන්ධියේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඉමඳුව සහ ඇල්පිටිය පොලීසිය සමග එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය ක්‍රියාත්මක වන බවයි.

එම ඝාතන සිද්ධිය රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයාගේ ඝාතන සිද්ධියට සම්බන්ධ කණ්ඩායමක් විසින් මෙහෙයවා ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වුණා.

එමෙන්ම ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ දකුණු අතෙහි රත්ගම හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ රුව ඇතුළත් පච්ච සලකුණක් ද සටහන් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුසංක ද සිල්වා හෙවත් පොඩි ලැසී ගේ කණ්ඩායමක් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සැක පළ කරනවා.

ත්‍රිරෝද රථයකින් තම දරුවන් උපකාරක පන්තියකට රැගෙන යමින් සිටියදී 42 හැවිරිදි දේමුණි සුදත් ප්‍රියන්ත නමැත්තා වෙඩි ප්‍රහාරයට ලක්වුණේ පසුගිය හයවනදායි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories