එස්.එම්.රංජිත් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි

Thursday, 11 May 2017 - 14:37

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A.%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
උතුරුමැද පළාත් සභා ප්‍රවාහන, ක්‍රීඩා, සහ යෞවන කටයුතු, අමාත්‍ය එස්.එම් රංජිත් සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක වෙත භාර දී තිබෙනවා.

පළාත් සභාව තුළ ඇති වී ඇති අර්බුදකාරි තත්ත්වය හා පක්ෂය විසින් ගන්නා තීන්දු තීරණය පිළිබදව කනස්සල්ලෙන් පසුවන බවයි උතුරුමැද පළාත් ඇමති එස් එම් රංජිත් එම ලිපියේ සදහන් කර ඇත්තේ.

උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය කේ එච් නන්දසේන එම ධූරයෙන් ඉවත්කිරිමට විරෝධය පළ කරමින් උතුරු මැද පලාත් සභාවේ අමාත්‍ය ධුරයෙන් ඉවත්වන බව එස්. එම් රංජිත් ඊයේ ප්‍රකාශ කළා.

බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු ප්‍රකාශ කළේ පළාත් සභාවේදී ස්වාධිනව කණ්ඩායමක් ලෙස කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවයි.

උතුරු මැද පලාත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය මෙන්ම ළමා රක්ෂණ පරිසර හා සමාජ සේවා සුභ සාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කේ.එච් නන්දසේන ඉවත් කර එම තනතුරට නිදහස් සන්ධාන මන්ත්‍රීවරයෙකු වන එම්. හේරත් බණ්ඩා පත්කර තිබුනා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories