වෙසක් කලාප අවට මාර්ග අවහිර කරන වාහන පොලිස් භාරයට

Thursday, 11 May 2017 - 15:41

%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%85%E0%B7%80%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
ජාත්‍යන්තර වෙසක් උත්සවය මුල් කර ගනිමින් කොළඹ නගරය ආශ්‍රිතව පවත්වන වෙසක් කලාප ඇති මාර්ග අවහිර වන ආකාරයෙන් නවතා තබන වාහන පොලිස් භාරයට ගැනීමට තීරණය වී තිබෙනවා.

පොලිසිය පෙන්වා දෙන්නේ වෙසක් කලාප ඇති මාර්ග ආශ්‍රිතව වාහන නතර කර තබා මාර්ග අවහිර කිරීම මහජනතාවට මෙන්ම අනෙක් රියදුරන්ට සිදු කරන බාධාවක් බවයි.

එබැවින් මාර්ග අවහිර කරන වාහන පොලිස් භාරයට ගෙන පොලිස් ස්ථානයට රැගෙන යන අතර ඒ සඳහා වැයවන මුදල වාහනය හිමිකරුගෙන් අයකර ගැනීමට සිදුවන බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

විශේෂයෙන් පොල්දුව හංදියේ සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ ගමන් කර පාලම් 3 / අපේගම පරිශ්‍රය අවට මෙන්ම කිඹුලාවල දෙසට දිවෙන මාර්ගය අවට වාහන නතර කර තබා අවහිර කිරීම සම්පුර්ණයෙන් තහනම් බව ද පොලිසිය මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories