ඉන්දීය අගමැති දිවයිනට (ඡායාරූප)

Thursday, 11 May 2017 - 17:45

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ජාත්‍යන්තර වෙසක් උත්සවයට සහභාගි වීම සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට පැමිණියා.

අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ පස්වරු 5.40 ට ඉන්දීය අගමැතිවරයා කටුනායක ගුවන්තොටුපලට පැමිණි බවයි.  

ඉන්දීය අගමැතිවරයා පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ / විදේශ අමාත්‍ය මංගල සමරවීර මෙන්ම මැති ඇමතිවරුන් රැසක් ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටිනවා.

ඉන්දියාවට අයත් විශේෂ ගුවන්යානයකින් නරේන්ද්‍ර මෝදි දිවයිනට ළගාවු අතර ඔහු සමග 65 කින් යුත් දුත පිරිසක් ද පැමිණ සිටින බව සඳහන්.

ඉන්දීය අගමැතිවරයාගේ සංචාරය හේතුවෙන් අද පස්වරු 6 සිට හෙට දහවල් දක්වා කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය නිවේදනය කළේ.

කටුනායක අධිවේගී මාර්ගය, බේස්ලයින් මාර්ගය, නෙළුම් පොකුණ, පිත්තල මන්සන්ධිය, කොල්ලූපිටිය, ගාලූ මුවදොර, බෞද්ධාලෝක මාවත ඇතුළු තවත් මාර්ග කිහිපයක් ඒ අනුව අද පස්වරු 6 සිට මෙලෙස වසා තැබෙනු ඇති.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ගමන් ගන්නා සෑම අවස්ථාවකදීම එම මාර්ගයන් සහ අතුරු මාර්ගයන් සම්පූර්ණයෙන්ම වසා තැබෙන අතර එක් දිශාවකට හෝ වාහන ගමන් කිරීමට අවස්ථාව හිමි වන්නේ නැහැ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද රාත්‍රියේ දී කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුණ ගැසෙන අතර මේ නිසා පස්වරු 8.20 සිට රාත්‍රි 10.30 දක්වා කාලය තුළ ගාලූ මුවදොර මාර්ගය වසා තැබෙන බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ.











  


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories