හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි - තවත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් රිදි විහාර පිං බිමට

Friday, 12 May 2017 - 7:15

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%82+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B6%A7
අසිරිමත් සම්බුදු තෙමගුල සමරමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී., හිරු එෆ්.එම් සංවිධාන කරන හිරු උත්තමධාතු වන්දනාවේ දෙවන දිනය අදයි.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට මේ වනවිටත් අතිවිශාල පිරිසක් කුරුණෑගල රිදී විහාර පින්බිමට පැමිණ සිටීම විශේෂත්වයක්.

ඊයේ රාත්‍රියේ සිට සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුඳා ගැනීම සඳහා අති විශාල ජනකායක් දිගු පෝලිම්වල රැඳී සිටි බවටයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කළේ.

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සංවිධාන වන මෙම පිං කටයුත්ත මෙවර සිදුකෙරෙන්නේ අඛණ්ඩව පස්වන වරටයි.

වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ තැන්පත් කර තිබූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සුබ මොහොතින් ඵෙතිහාසික රිදී විහාර පූජා භූමිය වෙත වැඩම කරවනු ලැබුවා.

පෙහෙවස් සමාදන් වූ උවැසි උවැසියන් මෙන්ම ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ සැදැහැවතුන් පෙර දින රාත්‍රියේ සිටම රිදී විහාර පිං බිමේ රැඳී සිටියේ සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට ලැබෙන මෙම දුර්ලභ අවස්ථාවට එක්වීම සඳහායී.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රිදී විහාර පුණ්‍ය භූමිය වෙත ඊයේ පෙරවරුවේ වැඩම කරවනු ලැබුවේ හේවිසි සක් `ඩ මධ්‍යයේයි.

රැස්ව සිටි සැදැහැවතුන්ගේ සාධු නදින් රිදී විහාර පිං බිම ගිගුම් දෙද්දී හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් සර්වඥ ධාතූන් වහන්සේ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.

ඉන් අනතුරුවයි කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය මහජනතාවගේ වන්දනාමානය වෙනුවෙන්් විවෘත කෙරුණේ.

එසේම, ධාතු ප්‍රදර්ශනය ආරම්භ වන විටත් රිදී විහාරයේ සිට රිදීගම නගරය දක්වා කිලෝමීටර් ගණනාවක් දුරට සැදැහැවතුන් පෙළ ගැසී සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories