ගීතාගේ මන්ත්‍රී ධුරය ගැන අභියාචනාධිකරණ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

Friday, 12 May 2017 - 11:41

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මේ මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (12) වාරණ නියෝගයක් නිකුත් කළා.

ඒ, ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය දැරීමට සුදුසුකමක් නොමැති බව අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව නීතිවිරෝධී තීන්දුවක් බවට තීරණය කරන ලෙස මන්ත්‍රීවරිය විසින් යොමුකළ විශේෂ අභියාචනය අද විභාගයට ගත් අවස්ථාවේදීයි.

බුවනෙක අලූවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය ලබාදුන් බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ සහ ස්විට්සර්ලන්තයේ පුරවැසිභාවය හිමි අයෙකු බැවින් ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ඡන්දදායකයන් 4 දෙනෙකු විසින්.

ඒ, 2015 වසරේදීයි.

මෙහි වගඋත්තරකරුවන් ලෙස ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට අමතරව ආගමන විගමන පාලකවරයා, නිදහස් සන්ධාන මහලේකම්වරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා නම් කර තිබුණා.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්වන තෙක් ගීතා කුමාරසිංහගේ පාර්ලිමේන්තු අසුනට වෙනත් අයෙක් පත් කිරීම නතර කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories