ඉන්දීය අගමැති දික්ඔය නව රෝහල් සංකීර්ණය විවෘත කරයි

Friday, 12 May 2017 - 13:24

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%94%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිවූ දික්ඔය මූලික රෝහලේ නව රෝහල් සංකීර්ණය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දහවල් විවෘත කරනු ලැබුවා.

එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මෙම රෝහල් සංකීර්ණය ඉදිකිරීම සදහා ඉන්දීය රුපියල් කෝටි 120 කට අධික මුදලක් වැය කර තිබෙනවා.

එමෙන්ම, අද පස්වරුවේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා නෝර්වුඩ් - ඩන්බාර් ප්‍රදේශයේ පැවැත්වෙන මහජන රැළියකට එක්වන අතර, ඉන් අනතුරුව ඔහු මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැද පුදා ගැනීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories