1990 ගිලන් රථ සේවාව සෑම පළාතකටම ලබාදෙන බව ඉන්දීය අගමැති කියයි (ඡායාරූප)

Friday, 12 May 2017 - 15:14

1990+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%91%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B6%9A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉන්දීය ආධාර යටතේ දැනට බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක 1990 ගිලන් රථ සේවාව ඉදිරියේදී දිවයිනේ සෑම පළාතකම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ නෝර්වුඩ් - ඩන්බාර් ප්‍රදේශයේ පැවැති මහජන රැළියකට එක්වෙමින්.

වතුකරයේ ජනතා වෙනුවෙන් නව නිවාස 10,000ක් ඉන්දීය ආධාර යටතේ ලබාදීමට ද පියවර ගන්නා බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේ.

ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිවූ දික්ඔය මූලික රෝහලේ නව රෝහල් සංකීර්ණය ද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දහවල් විවෘත කරනු ලැබුවා.

මෙම ජන රැළියෙන් අනතුරුව ඔහු මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳ පුදා ගැනීමට නියමිතයි.

නරේන්ද්‍ර මෝදි - ඉන්දීය අග්‍රාමාත්‍ය

- මට භාග්‍යක් අද ඔබතුමන්ලව ඇමතීමට ලැබුණු එක. මුළු ලෝකේම සිලෝන් ටී කියද්දී ලංකාව ගැන දන්නවා. ලංකාව තමයි ලෝකයේ තුන්වෙනි තේ අපනයනකරුවා. ඉන් උපයන විදේශ විනිමය ඩොලර් බිලියන 1.5 ක්. ඒ කියන්නේ තේ කර්මාන්තයේ කොඳු නාරටිය තමයි ඔබ.ඔබ සියලුදෙනා දෙමළ අම්මලාගේ දරුවෝ. දෙමළ කියන්නේ ලෝකයේ ඉපැරණි භාෂාවක්. ඒ හා සමානවම සිංහල භාෂාවත් ඔයාලට පුළුවන්. භාෂාව කියන්නේ සංස්කෘතිය හා බැඳුණු දෙයක්. ඒක මිනිසුන්ව එකතු කරනවා. දැන් ශ්‍රී ලංකාවේ ජාතීන් ගොඩක් ඉන්නවා. සැවොම සාමයෙන් ඉන්නේ. ඒ වගේම ඔබට පුළුවන් නායකත්වය දෙන්න ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව වර්ධනය කිරීම සඳහා. ඒක සිදුවිය යුත්තේ නොබෙදූ රාජ්‍යයක් ලෙසින්.

දැන් අපි ගත්තොත් ඉන්දියාවේ හිටපු අග්‍රගණ්‍ය කලාකරුවෙක් තමයි එම්.ජී.ආර්. කියන්නේ. එයාත් ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෙනෙක්. ඊට අමතරව ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම දඟ පන්දු යවන්නා ලංකාවෙන් තමයි බිහිවුණේ. ඒ තමයි මුත්තයියා මුරලිදරන්. ශ්‍රී ලංකාවේ දියුණුව අපි අගයනවා. ඔයාලගේ දියුණුවෙන් අපි සෑහෙන්න තෘප්තිමත් වෙනවා. ඉන්දියානු සම්භවයක් තියෙන මිනිස්සු ලෝකයේ ඉහළ තැන්වල ඉන්නවා, සෑම ක්ෂේත්‍රයකම වගේ. ඒක අපිට ආඩම්බරයක්. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ තවත් පුද්ගලයෝ ඉදිරියේදී බිහිවෙයි කියලා.

මට සංතෝෂයි කියන්න ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඔයාලගේ ජීවන මට්ටම ඉහළ දමන්න ලොකු උත්සාහයක් දරනවා. අවුරුදු පහක ජාතික සැලැස්මක් දැන් රජය දියත් කරලා තියෙන්නේ. ඉන්දියාව පුළුවන් උපරිමයෙන් සහය දක්වනවා ශ්‍රී ලංකාවේ දියුණුව තහවුරු කරන්න. 1990 ගිලන් රථ සේවාව දැනට ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු පළාත්වල විතරයි. දැන් අපි තීරණය කළා ඒක ශ්‍රී ලංකාවේ අනෙකුත් පළාත්වලටත් ව්‍යාප්ත කරන්න. නිවාස ව්‍යාපෘති යටතේ ගෙවල් 4000 ක් ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිවෙනවා, ඊට අමතරව අපි තවත් ගෙවල් 10,000 ක් හදනවා වතුකරයේ ජනතාව වෙනුවෙන්.





ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories