මෝදි සහ හිටපු ජනාධිපති අතර විශේෂ සාකච්ඡාවක්

Friday, 12 May 2017 - 17:06

%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඊයේ(11) පස්වරුවේ මෙරටට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ජනාධිපති මන්දිරයේ පැවැත්වූ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගිවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිස හමුවී සාකච්ඡාවක් පැවැත්වූ බව සදහන්.

මෙවැනි සාකච්ඡාවක් ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ නිල න්‍යාය පත්‍රයේ නොතිබුණු නමුත් හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් මත මෙම අවස්ථාව ලබාදී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසනේ.

මෙම සාකච්ඡාවට ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් කුමාර් දොවාල්, විදේශ ලේකම් එස්. ජයශංකර් ඇතුළු පිරිසක් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමග එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම සාකච්ඡාවට හිටපු ආරක්ෂක ලේකම් ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක්ද සහභාගී වූ බවටයි ඇතැම් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories