හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනයටත් වාර්තාගත ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් - රිදී විහාරය සැදැහැවතුන්ගෙන් පිරී යයි (ඡායාරූප)

Friday, 12 May 2017 - 19:10

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A++-+%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%AF%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය වන අදත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් කුරුණෑගල - රිදී විහාර පින් බිම වෙත පැමිණෙමින් සිටිනවා.

ඒ, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමේ අරමුණින්.

ඔවුන් වෙනුවෙන් සියළු පහසුකම් හිරු සංවිධාන කර තිබෙනවා.  

හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය කුරුණෑගල රිදී විහාර පින් බිමේදී ඊයේ අලුයම ආරම්භ කෙරුණේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන්.

ඔවුන්ගේ සාධු නද මධ්‍යයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ඒ වෙනුවෙන් සකස් කළ විශේෂ ධාතු මන්දිරයේ තැන්පත් කෙරුණා.

ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පෙරේදා රාත්‍රියේ සිට පැමිණ දිගු පොලිම් වල රැදි සිටියේ කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දමාන කිරිමේ පින්බර අපේක්ෂාවෙන්.

මේ වන විටත් කිලෝ මීටර් ගණනාවක් දුරට සැදැහැවතුන් ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට පෙළ ගැසී සිටින්නේ මෙරට ධාතුන් වහන්සේ වන්ධනාමාන කිරීම සඳහා පැමිණි වැඩිම සැදැහැවතුන් සංඛ්‍යාව සනිටුහන් කරමින්.

දැඩි අව් රශ්මිය නොතකමින් කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වන්දනා කිරිමට දිගු පෝලිම්වල රැදි සිටින සැදහැවතුන්ට අහාර පාන ලබාදිමට ප්‍රදේශවාසින් සහ විවිධ ආයතවල පිරිස් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් ව සිටීම ද විශේෂත්වයක්.

අදත් කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ උදෙසා උදෑසන සහ දහවල් බුද්ධ පූජාව සහ ගිලන්පස පූජා කිරීම සිරිත් පරිදි සිදුවුණා.

හෙට අලුයම දක්වා රිදී විහාරයේ තැන්පත් කර තැබෙන කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ පසුව රිදිගම  - කුරුණැගල - වාරියපොල - පාදෙණිය යන නගර ඔස්සේ පෙරවරු 9.30 පමණ පාදෙණිය රජමහා විහාරස්ථානයට වැඩම කරවීම සිදු කෙරෙනවා.

එම විහාරස්ථානයේදි කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ හෙට දහවල් 12.30 දක්වා ප්‍රදර්ශනය කෙරෙන අතර අනතුරුව පාදෙණිය - විතිකුලිය සහ කොබෙයිගනේ පසුකර කොබෙයිගනේ - කට්ටාපිටිය විහාරස්ථානයට පස්වරු 1.30 ට ධාතූන් වහන්සේ වැඩම කරවනවා.

එම විහාරස්ථානයේදි හෙට පස්වරු 5.30 දක්වා තැන්පත් කර තැබෙන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පසුව පඬුවස්නුවර - හෙට්ටිපොල - කුලියාපිටිය - පන්නල - දිවුලපිටිය යන නගර පසුකර හෙට රාත්‍රියේ දිවුලපිිටිය ප්‍රියදර්ශනාරාමයට වැඩම කරමවීමට නියමිතයි.

අනිද්දා උදෑසන 7.30 දක්වා එම විහාරස්ථානයේදී කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ  වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දීමට හිරු සියලු කටයුතු සූදානම් කර අවසන්.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories