සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට මෙතෙක් බලපෑමක් නැහැ

Saturday, 13 May 2017 - 9:31

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%B6%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
දැවැන්ත සයිබර් ප්‍රහාරයකින් ලොව පුරා රටවල් 99ක පමණ පරිගණකවලට බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වනවා.

මෙම සයිබර් ප්‍රහාරය සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් සංවර්ධනය කළ වෛරසයක් උපයෝගී කරගෙන ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

අදාළ වෛරස් උපාංග පසුගිය අප්‍රේල් මාසයේදී හැකර්වරුන් පිරිසක් සොරාගෙන ඇති අතර, පසුව අන්තර්ජාලයට එක් කර තිබුණා.

ඉන් රැකවරණය ලැබීම සඳහා මයික්‍රොසොෆ්ට් ආයතනය ආරක්ෂිත උපක්‍රම හඳුන්වා දී තිබූ නමුදු බොහෝ පරිඝනක ඒ සඳහා යාවත් කාලීන කර නැහැ.

මේ නිසා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ස්පාඤ්ඤ, ඉතාලිය සහ තායිවානය ආදී රටවල් 99 ක පරිගණක පද්ධතිවල ක්‍රියාකාරීත්වය ඇණහිට ඇති බව සඳහන්.

මෙම සයිබර් ප්‍රහාරය සඳහා යොදාගෙන ඇත්තේ රැන්සම්වෙයා ලෙස හැදින්වෙන පරිඝනක වෛරස් ප්‍රභේදයයි.

ඊයේ මෙම සයිබර් ප්‍රහාරය නිසා බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවයේ පරිඝනක පද්ධතිය ද මුළුමනින්ම පාහේ අක්‍රිය වුණා.

කෙසේ වෙතත්, රැන්සම්වෙයා පරිගණක වෛරස් ප්‍රහාරයෙන් මෙරට පරිගණක පද්ධතිවලට බලපෑම් ඇති වූ බවට මෙතෙක් වාර්තා ලැබී නැතැයි පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ප්‍රකාශ කළා.

එහි ප්‍රධාන තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත කියා සිටියේ වෙසක් නිවාඩුව යෙදී තිබූ පසුගිය දින කිහිපය තුළ මෙරට රාජ්‍ය අංශයේ පරිඝනක පද්ධතීන් විශාල වශයෙන් භාවිත නොවූ බවයි.

එමෙන්ම, අදාළ සයිබර් ප්‍රහාරයේ අවදානම හේතුවෙන් ආගන්තුක ඊමේල් පණිවුඩ විවෘත කිරිමෙන් වැළකී සිටින ලෙස ද පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories