හිරු උත්තම ධාතු වන්දනාව පැමිණෙන මග දෙපසත් මහ සෙනඟක් - ධාතූන් වහන්සේ අද රාත්‍රියේ දිවුලපිිටිය ප්‍රියදර්ශනාරාමයට

Saturday, 13 May 2017 - 18:27

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B7%83%E0%B7%99%E0%B6%B1%E0%B6%9F%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7
උතුම් සම්බුදු තෙමගුල වෙනුවෙන් හිරු ටී.වී, හිරු එෆ්.එම් එක්ව සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනාවේ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මේ වන විට කොබෙයිගනේ - කට්ටාපිටිය විහාරස්ථානයට වෙත වැඩම කරවා තිබෙනවා.

පෙරේදා සිට අද (13) අලූයම වන තුරු ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් කුරුණෑගල - රිදී විහාර පින් බිමට පැමිණ ධාතූන් වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.  

අද අලූයම දක්වා රිදී විහාරයේ තැන්පත් කර තැබූ කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අද උදෑසන රිදීගම  - කුරුණෑගල - වාරියපොල ඔස්සේ පාදෙණිය රජමහා විහාරයට වැඩම කරවනු ලැබුවා.

එහිදී ද අති විශාල සැදැහැවතුන් පිරිසක්් ධාතූන් වහන්සේ වැද පුදා ගත්තා.

පසුව විතිකුලිය සහ කොබෙයිගනේ පසුකරමින් කට්ටාපිටිය විහාරස්ථානයට වෙත කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවූ අතර, විශාල සැදැහවතුන් පිරිසක් මග දෙපස සිටිමින් සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුඳා ගැනීමට එක්වුණා.

මේ වනවිට කොබෙයිගනේ - කට්ටාපිටිය විහාරස්ථානයේ තැන්පත් කර ඇති සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුඳා ගැනීමට අති විශාල පිරිසක් එක්ව සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

හිරු උත්තම ධාතූ වන්දනාව අද පස්වරුවේ පඬුවස්නුවර - හෙට්ටිපොල - කුලියාපිටිය - පන්නල - පසුකර අද රාත්‍රියේ දිවුලපිිටිය ප්‍රියදර්ශනාරාමයට ළගාවීමට නියමිතයි.

හෙට උදෑසන 7.30 දක්වා එම විහාරස්ථානයේදී කපිල වස්තු පුර නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ  වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව සලසා දීමට හිරු සියලූ කටයුතු සූදානම් කර අවසන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories