චීන මහා සමුළුව ඉන්දියාව වර්ජනය කරයි

Sunday, 14 May 2017 - 7:40

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80++%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
චීනයේ - බීජිං නුවර පැවැත්වෙන එකම තීරයක්, එකම මාවතක් මහා සමුළුවට සහභාගි වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී චීන ජනාධිපති ෂී ජින් පින් සහ චීන අග්‍රාමාත්‍ය ලී ෂියෑං සමගද සාකච්ඡා පවත්වන බව විදෙස් වාර්තා සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරුවේ කැපිටල් ජාත්‍යන්තර ගුවන්තොටුපලින් චීනයේ - බීජිං නුවරට ළගා වී තිබෙනවා.

චීන ජනාධිපති ෂී - ජින්පින් ගේ සංකල්පයක් අනුව පැවැත්වෙන මෙම සමුලූව සදහා රටවල් 30කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරමින් රාජ්‍ය නායකයින් සහභාගි වනු ඇති.

සමුළුවේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ චීන ජනාධිපති ෂී ජින් පින් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.   

මේ අතර චීන එකම තීරයක්, එකම මාවතක් මහා සමුළුව වර්ජනය කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ඒ, ඉන්දියාවට උතුරෙන් පාකිස්ථානය හරහා චීනය ඉදිකරන ආර්ථික වේදිකාව තම රටේ ස්වෛරී භාවයට තර්ජනයක් එල්ල කරන බව පවසමින්. චීනය දැනටමත් එම වෙළඳ මාර්ගය සකස් කර ඇති අතර, එහිදී චීනයේ සිට පාකිස්ථානය හරහා අරාබි මුහුදට පිවිසුමක් ඇතිවනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, චීන සමුළුවට සහභාගි වන්නේ ශ්‍රී ලංකාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මුණගැසීමෙන් අනතුරුවයි.

මේ නිසා චීන සමුළුවට ශ්‍රී ලංකා සහභාගීත්වය විශේෂ වැදගත්කමකින් යුක්තවන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම හේතුවෙන් චීන සබ්මැරීනවලට මෙරට වරායන් භාවිත කිරීම සඳහා අවසර ලබා නොදීමේ තීරණයද ඉන්දීය මාධ්‍යවල විශේෂ අවධානයක් යොමුවී තිබුණා.

කෙසේ නමුත් චීන ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම සිද්ධිය නිසා ශ්‍රී ලංකාව සහ චීනය අතර ආරක්ෂක සබඳතාවලට හානියක් සිදු නොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories