දක්ෂිණ අධිවේගයේ අනතුරකින් කාන්තාවක් මරුට

Sunday, 14 May 2017 - 10:18

%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AB+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.  

කොට්ටාව සිට මාතරට ධාවනය වු වෑන් රථයක් ඉදිරියෙන් ගමන් කළ කන්ටේනර් රථයක ගැටීමෙන් අද 5 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබු කාන්තාවන් දෙදෙනෙකු සහ වෑන් රථයේ රියදුරා කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි එක් කාන්තාවක් මියගොස් ඇත්තේ.

මියගොස් ඇත්තේ කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි කාන්තාවක්.

අනතුරට හේතුව වෑන් රථයේ රියදුරාට නින්ද යාම බවට අනාවරණ වී තිබෙනවා.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories