කෝටියක මත්කුඩු අල්ලයි

Sunday, 14 May 2017 - 12:11

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
රුපියල් කෝටියක වටිනාකමකින් යුත් බ්‍රවුන් ෂුගර් වර්ගයේ හෙරොයින් කිලෝග්‍රෑමයක් සිය පාවහන් තුළ සඟවාගෙන මෙරටට පැමිණි පාකිස්තාන ජාතිකයෙකු රේගුව අද අත්අඩංගුවට ගත්තා.

32 හැවිරිදි මොහු ඩුබායි සිටයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

පසුගිය 11 වන දා හලාවත මුහුදු තීරයේදී මෑතකදී හමුවූ විශාලතම හෙරොයින් තොගය සොයා ගත්තා.

මෙලෙස සොයා ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 200යේ වටිනාකම කෝටි 200ක් වන අතර එම සිද්ධිය සහ පිළියන්දල ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය අතර සම්බන්ධතාවයක් පවතින බවයි පසුව අනාවරණ වුණේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories