බදු සහන සැබෑ ආයෝජනවලට පමණයි - මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක්

Sunday, 14 May 2017 - 13:05

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නව දේශීය ආදායම් පනත් කෙටුම්පත සමග ස්ථර තුනකින් සමන්විත සමාගම් ආදායම් බදු ව්‍යුහයක් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

සහනදායී බදු අනුපාතය සාමාන්‍ය සමාගම් බදු අනුපාතයෙන් සියයට 50 ක් බවයි මුදල් අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

නව බදු අනුපාත සියයට 14, සියයට 28 සහ සියයට 40 මට්ටම්වලින් ක්‍රියාත්මක වනු ඇති. මෙහිදී සියයට 40 ක ඉහළ බදු අනුපාත අය කෙරෙන්නේ මධ්‍යසාර, දුම්කොළ, ඔට්ටු සහ සූදු සමාගම්වලින්.

වානිජ කේන්ද්‍රස්ථාන ක්‍රියාකාරකම්, තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ක්‍රියාවලින් කාබනික පොහොර නිෂ්පාදනය රුපියල් මිලියන 5 ට නොවැඩි මැදි ආදායම් නිවාස සැපයීම ආදිය මෙහිදී සමාගම් ආදායම් බදුවලින් නිදහස් වනවා.

එමෙන්ම පසුගිය කාලය තුළ රජය ලබාගත හැකි අනුමත ණය ප්‍රමාණයෙන් සැබෑ ලෙස ලබාගත් ණය ප්‍රමාණය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බවයි අද පැවති මාධ්‍ය හමුවේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories