සයිටම් ගැන ආණ්ඩුවේ තීරණය අද, රජයේ වෛද්‍යවරුන්ගේ විධායක සභාවත් රැස්වෙයි

Monday, 15 May 2017 - 7:36

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ආන්දෝලනයට තුඩු දුන් මාළඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනයේ සහ තවත් තීන්දු තීරණ කිහිපයක් අද ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

කිසිදු වන්දි මුදලක් ලබානොගෙන රෝහල රජයට පැවරීම සඳහා පාලන අධිකාරිය කැමැත්ත පළ කර ඇති බවයි ඔහු කියා සිටියේ.

එමෙන්ම පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ මාළඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය විධිමත් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාත්මක කරන තෙක් නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙසට ද මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් ඉල්ලීමක් කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා.

ආණ්ඩුව ගැනීමට සූදානම් වන මෙම ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව දැඩි හඬක් නැගූ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයෙන් ද හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියේ අද පැවැත්වෙන සංගමයේ විධායක සභා රැස්වීමේදී මේ පිළිබදව ද සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගුරු - ප්‍රවාහන - දුම්රිය - තෙල් ඇතුළු වෘත්තීය සංගම් 121 ක සහය ඇතිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය 5 වන දා දිවයින පුරා සංකේත වර්ජනයක් දියත් කළා.

එමෙන්ම මෙහි මීළඟ වර්ජනය මේ මාසයේ අවසන් සතියේදී සිදුකරන බවයි ඔවුන් මීට පෙර දැනුම් දී තිබුණේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories