පෙත්සමට අත්සන් කළ පිරිසක් තමන්ට සහය දෙන බව උතුරුමැද මහ ඇමති කියයි

Tuesday, 16 May 2017 - 19:15

%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
තමන් මහ ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙසට දිවුරුම් ප්‍රකාශ ලබාදුන් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පසුව තමන් හමුවී සහය පළ කිරීමට එකඟ වූ බව උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න අද ප්‍රකාශ කළා.

ඒ, අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිලිතුරු ලබාදෙමින්.

මේ අතර උතුරුමැද පළාත් සභාවේ ප්‍රවාහන, ක්‍රීඩා හා යෞවන කටයුතු, වෙළඳ, ආහාර, සමූපකාර හා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස සුසිල් ගුණරත්න අද දිවුරුම් දුන්නා.

ඒ, පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක ඉදිරියේයි. ඔහු මැදවච්චිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වන අතර, ඊයේ දිනයේ වර්තමාන මහඇමති පේෂල ජයරත්නට එරෙහිව දිවුරුම් පෙත්සම් ලබාදුන් 17 දෙනා අතරින් එක් අයෙකු වීම ද විශේෂත්වයක්.   

කෙසේ වෙතත් අද අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු අමාත්‍ය එස්.එම්. රංජිත් කියා සිටියේ නව අමාත්‍ය සුසිල් ගුණරත්න සිය කණ්ඩායමෙන් ඉවත් වුවද පළාත් සභාවේ බහුතර බලය තම කණ්ඩායම සතුව පවතින බවයි.

මේ අතර අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උතුරුමැද පළාත් විපක්ෂ නායක අනිල් රත්නායක කියා සිටියේ උතුරුමැද පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධුරයන්ද ඉදිරියේදී අහිමිවිය හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories