වෘත්තීය සමිති රවී හමුවේ

Wednesday, 17 May 2017 - 9:31

%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
සුරාබදු නව කොමසාරිස් පත් කරගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයන් සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.

එහිදී වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කළේ සිය දෙපාර්තමේන්තුවේම ඉහළ නිලධාරියෙකු ඊට පත් කිරීමෙන් බදු ආදායම වැඩි කරගැනීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් වන බවයි.  

වෘත්තිය සමිති කළ යෝජනාව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අනුමැතියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නව පත් කිරීම සිදුකිරීමට සූදානම් බව අමාත්‍ය රවී කරුණානායක මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා.

2014 දී රුපියල් කෝටි 3900ක්ව පැවති සුරාබදු ආදායම සියයට 400 කින් ඉහළ නංවමින් අද වනවිට එය රුපියල් කෝටි 13,800 දක්වා ඉහළ ගොස් ඇති බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

ප්‍රධාන සුරා බදු පරීක්ෂක හා පරීක්ෂකවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා නිදහස් සුරා බදු නිලධාරී සංගමය, සමස්ත ලංකා සුරාබදු සැරයන් හා නියාමක සංගමය, ශ්‍රී ලංකා සුරාබදු නිලධාරී සංගමය, එක්සත් සුරාබදු පරීක්ෂක හා පරීක්ෂකවරියන්ගේ සංගමය ඇතුලු තවත් සංගම් කිහිපයක නියෝජිතයන් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories