කඳුලු ගෑස් ප්‍රහාරයෙන් පසු සරසවි සිසු පිරිසක් පොලිස් අත්අඩංගුවට

Wednesday, 17 May 2017 - 17:45

%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සයිටම් විරෝධී උද්ඝෝෂණයේ යෙදුනු සිසුන් පිරිසක් පොලිසිය මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගත්තා.

ඒ, කොළඹ මහ නගර සභාව අවට, විහාරමහාදේවි උද්‍යානය සහ නෙළුම් පොකුණ රඟහල අවට ප්‍රදේශයේදියි.

මේ අතර මෙම පාගමනට එක්ව සිටියදි තුවාල ලැබූ තවත් සිසුන් 17 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා. 

මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීම ඇතුලූ ඉල්ලීම් 15 ක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමන විසුරුවා හැරීමට පොලීසිය අද අවස්ථා කිහිපයකදී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.

පසුව විහාරමහා දේවී උද්‍යානය තුලට රැස්වු සරසවි සිසුන් අඛණ්ඩව විරෝධතාවයේ නිරතවුනා.

අනතුරුව පොලිසිය විහාරමහා දේවී උද්‍යානය වටා සිටිමින් යළි යළිත්  කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කළා.

සිසුන් ද අහුලාගත් කඳුලු ගෑස් උණ්ඩ පොලිසිය  දෙසට එල්ල කළ අතර එහිදි දක්නට ලැබුනේ යුධ පිටියක ස්වරූපයක්.

අනතුරුව භික්ෂුන් වහන්සේ ඇතුලු සරසවි සිසුන් පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගත්තා.

මෙම පා ගමන සංවිධාන කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයයි.

විශ්වවිද්‍යාල සිසුන් කොටුව දුම්රියපල ඉදිරිපිටින් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළ අතර,  ඩී.ආර්. විජේවර්ධන මාවතේ ඔස්සේ කොම්පඤ්ඤ වීථිය හරහා ඔවුන් යූනියන් පෙදෙසට ළඟාවුණා.

කෙසේ වෙතත් ඉබ්බන්වල මංසන්ධියෙන් පොලීසිය මාර්ගය වසා දමා තිබූ නිසා ඔවුන් බේබෲක් පෙදෙසට පැමිණ උද්‍යාන මාවත ඔස්සේ පුරහල ප්‍රදේශයට ළඟාවීමට උත්සාහ කළා.

විහාරමහාදේවි උද්‍යානය දෙසින් පුරහල දෙසට පැමිණීමට උත්සාහ කිරීමත් සමගයි පොලීසිය සිසුන්ට පළමු කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ.

එහිදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

අනතුරුව සිසුන් නෙළුම් පොකුණ රඟහල අසළ ආනන්ද කුමාරස්වාමි මාවතෙන් යළි පුරහල දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ යළි පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

එසේම විහාරමහාදේවි උද්‍යානය අවට සහ පුරහල අවට රැඳී සිටි සිසුන් විසුරුවා හැරීමටද පොලීසිය අවස්ථා කිහිපයකදී අඛණ්ඩව කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බවයි එම ස්ථානයේ සිටින අප මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.

මෙම පා ගමන වළක්වන ලෙස පෑලියගොඩ පොලීසිය අද කළ ඉල්ලීමක් අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර, කුරුඳුවත්ත පොලීසියේ ඉල්ලීමක් සළකා බලමින් අලූත්කඬේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම පා ගමනට අදාළව ඊයේ වාරණ නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය කොටුව පොලීසිය දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ සාමාජික හිමිනමක් වෙත පොලීසිය භාරදෙනු ලැබුවත් උන්වහන්සේ එය භාරගැනීම ප්‍රතික්ෂේප කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එම අවස්ථාවේදී අදාළ අධිකරණ නියෝගය පොලීසිය එම ස්ථානයේ තබා පිටව ගියා.

කෙසේ වෙතත් අන්තර් විශ්වවිද්‍යාලයී ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මෙම සිසු පෙළපාලිය පිළිබඳව සහ පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළද ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කළ නොහැකි බවයි.










Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories