අදත් වැසි

Friday, 19 May 2017 - 6:58

%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර / සබරගමුව / දකුණ / මධ්‍යම මෙන්ම වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වඩා තද වැසි ද ඇති වනවා.

නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2 න් පසු තැනින් තැන  වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇතිවිය හැකියි.

මේ අතර විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 50 ක පමණ වේගයකින් සුළං ඇති වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වේගයකින් සුළං ඇතිවීමේ අවධානමක් ද පවතිනවා.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු විය හැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

මේ පිළිබඳ විමසිලිමත් වන ලෙසට ඔවුන් ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ පස්වරුවේ සිට ඇද හැලූණු වර්ෂාපතනයත් සමග කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට මාර්ගවලට ගස් කඩා වැටීම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වුණා.

එසේම, තද සුළං තත්ත්වය හේතුවෙන් බත්තරමුල්ල - සුභූතිපුර ප්‍රදේශයේ නිවාස 20 ක පමණ හානි සිදුවූ බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

වර්ෂාව සමග කිරිබත්ගොඩ පොදු වෙළද සංකීර්ණයේ ඉදිරිපිට ඉදිකර තිබූ වෙසක් තොරණ ද කඩා වැටුණු අතර, අසළ තිබූ වාහන 4කට එහිදී අලාභ හානි සිදුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories