බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල අද විශේෂ රථවාහන සැළැස්මක්

Friday, 19 May 2017 - 9:01

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B7%85%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ජාතික රණවිරු සැමරුම් උත්සවය හේතුවෙන් අද පස්වරු දෙකේ සිට පස්වරු හත දක්වා කාලය තුළ බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ අනුව පොල්දුව හන්දියේ සිට පැලවත්ත හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගය, කිඹුලාවල හන්දියේ සිට පාලම් තුන දක්වා ජපන් මිත්‍රත්ව මාර්ගය වසා තැබෙන බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම පාර්ලිමේන්තු වටරවුමේ සිට කියන්නෑම් වටරවුම හරහා පොල්දුව මංසන්ධිය දක්වාත් මාර්ගය වසා තැබීමට නියමිතයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories