පිළියන්දල වෙඩි තැබීමට අනුබලදුන් බව කියන තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 22 May 2017 - 7:10

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B6%BD%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුට ආධාර අනුබලදුන් කාන්තාවක් ඇතුලූ තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අහංගම ප්‍රදේශයේදී 44 හැවිරිදි කාන්තාවක් සහ 22 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගත්තේ  මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින්.

වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුට ආධාර අනුබල ලබාදීම, සාක්ෂි අතුරුදන් කිරීම, අසත්‍ය තොරතුරු සැපයීම සහ සැකකරුට රැකවරණය ලබාදීමේ චෝදනා සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙම සැකකරුවන් අද කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
පසුගිය 9 වනදා රාත්‍රි 8.45 ට පමණ පිළියන්දල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසකට එල්ල කළ මෙම වෙඩි ප්‍රහාරයෙන් එක් පොලිස් නිලධාරියෙකු සහ 11 හැවිරිදි දැරියක් මියගිය අතර, තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු, තරුණයෙකු සහ එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු තුවාල ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories