හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ දියණිය වන දුලාංජලී ජයකොඩිට ව්‍යාජ මුදල් නෝට්ටු ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ මහරගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ 20ක වන්දි මුදලක් ගෙවන ලෙසට අද කොළඹ මහාධිකරණය නියෝග කළා.
ඒ, ඊට අදාළ නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ කැදවූ අවස්ථාවේදියි.
එහිදී වරද පිළිගත් අදාළ ව්‍යාපාරිකයාට වන්දි මුදලට අමතරව රුපියල් ලක්ෂ 5ක දඩ මුදලක් ද ගෙවන ලෙසටයි අධිකරණය නියෝග කළේ.
එමෙන්ම වසර දෙකක බරතල සිර දඩුවම වසර 5කට අත්හිටුවීමට ද කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කළා.
කොළඹ - කුරුඳුවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීම සඳහා රැගෙන ආ ව්‍යාජ රුපියල් පන්දහසේ නෝට්ටු 400 ක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ දියණිය වන දුලාංජලී ජයකොඩිගෙන් 2014 වසරේ මාර්තු මස 26 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළා.

Follow US
Most Viewed Stories