විනය කඩ කරන සාමාජිකයින්ට එරෙහිව ඉහළම ක්‍රියාමාර්ග - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තීරණයක්

Tuesday, 23 May 2017 - 9:04

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A9+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%B8+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විනය කඩ කරන මහජන නියෝජිතයින්ට සහ පක්ෂ සාමාජිකයින්ට එරෙහිව ගත හැකි ඉහළම ක්‍රියාමාර්ග ගැනීමට නිදහස් පක්ෂ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වුණා.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවයි.  

ඊයේ පැවැති සාකච්ඡාවට මධ්‍යම කාරක සභා සාමාජිකයෙකු වන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ද එක්ව සිටියා.

 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories