වෛද්‍යවරියකගේ සිරුරුක් නිල නිවාසයෙන් සොයාගනී

Tuesday, 23 May 2017 - 16:56

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සැකකටයුතු ලෙස මියගිය නුවරඑළිය රෝහලේ නිර්වින්දන වෛද්‍යවරියකගේ සිරුරක්  ඇයගේ නිල නිවාසයෙන් සොයාගෙන තිබෙනවා.

පොලීසිය සැක කරන්නේ සිරුරට නිර්වින්දන ඖෂධ අධි මාත්‍රාවෙන් එන්නත් කරගෙන ඇය සියදිවි හානිකරගෙන ඇති බවටයි.

මෙම වෛද්‍යවරිය අද දින රෝහලට නොපැමිණීම හේතුවෙන් ඇය සමග සේවය කරන තවත් වෛද්‍යවරියන් පිරිසක් නිල නිවාසය පරීක්ෂා කිරීමේදී ඇයගේ සිරුර හමුවී තිබෙනවා.  

31 හැවිරිදි අදාළ වෛද්‍යවරිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත යොමු කරන ලෙසටයි මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කර ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories