මැන්චෙස්ටර් ප්‍රහාරයේ වගකීම අයි.එස්. භාරගනී

Tuesday, 23 May 2017 - 18:21

%E0%B6%B8%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%A0%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවර පොප් සංගීත ප්‍රසංගයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මරාගෙන මැරෙන තරුණ බෝම්බකරුවෙකු එල්ල කළ ප්‍රහාරයෙන් විසි දෙදෙනෙකු මියගොස් 59 දෙනෙකු තුවාල ලැබුවා.

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියා සල්මන් අබේඩි ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම පිපිරීමෙන් බ්‍රිතාන්‍යයේ වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුවී නැහැ.

බ්‍රිතාන්‍යයේ වයඹ දිග ප්‍රදේශයේ පිහිටි විශාලතම ගෘහස්ත රගහල ලෙස සැලකෙන්නේ මැන්චෙස්ටර් අරීනා රගහලයි.

ඊයේ මෙම රගහල තුළ ජනප්‍රිය ඇමරිකානු පොප් ගායිකා අරියානා ග්‍රොන්ඩේගේ ප්‍රසංගයක් පැවැත්වුණේ 20,000 කට අධික සංගීත ලෝලීන්ගේ සහභාගීත්වයෙන්.

බෝම්බය එරට වේලාවෙන් ඊයේ රාත්‍රි 10.30 ට පමණ පුපුරා යන විට රඟහල ප්‍රේක්ෂකයින්ගෙන් පිරී තිබුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වූවන් අතර ළමුන්ද සිටින බවයි.

පිපිරීමෙන් ප්‍රසංගයට සහභාගි වූ පොප් ගායිකා අරියානා ගොන්ඩේට කිසිදු හානියක් සිදුවී නැහැ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය සදහන් කළේ සිද්ධිය පැවසීමට තමාට වචන නොමැති බවයි.

පිපිරීමෙන් අනතුරුව රඟහල අසල වික්ටෝරියා දුම්රිය ස්ථානය තාවකාලිව වසා දැමුණේ මැන්චෙස්ටර් නුවර ආරක්ෂාව දැඩි කරමින්.

බ්‍රිතාන්‍ය පොලිසිය සදහන් කළේ ප්‍රහාරකයා බෝම්බය තමන් විසින්ම නිෂ්පාදනය කරන්නට ඇති බවට සැක කරන බවයි.

මෙම පිපිරීමට සම්බන්ධ බවට සැක කරන 23 හැවිරිදි පුද්ගලයෙක් බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, අයිගඑස්ග ත්‍රස්තවාදීන් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදා හැර ඇත්තේ ප්‍රහාරයේ වගකීම භාරගනිමින්.

හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳ වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ දැනට ක්‍රියාත්මක මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තිරණය කළා.

මේ අතර විදෙස් පුවත් සේවා සඳහන් කළේ මෙම ප්‍රහාරයත් සමග  සුපිරි පොප් ගායිකාවගේ ඉදිරි ප්‍රසංග පිළිබඳ අවිනිශ්චිතතාවක් මතුවී ඇති බවයි.

කෙසේවෙතත් අදාළ ප්‍රසංග අවලංගු කරන්නේ ද යන්න මෙතෙක් නිශ්චිතව ප්‍රකාශ කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories