හික්කඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි ස්ටිකර් අලෙවි සැළක ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සුජිත් හිමාල් හෙවත් ස්ටිකර් සජිත් නැමත්තා 2015 වසරේ හික්කඩුව, පිංවත්ත ප්රදේශයේදී වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.
2015 වසරේ සිදුවූ එම වෙඩි තැබීමෙන් 28 හැවිරිදි හික්කඩුව - පතන ප්රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක් මියගිය අතර එම ඝාතනය පාතාල කල්ලි අතර කලක සිට පැවති ආරවුලක් හේතුවෙන් සිදුවූ බවටයි පොලීසිය ප්රකාශ කළේ.
එම ඝාතනය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී වෙඩි ප්රහාරය සදහා යොදාගත් ටී - 56 වර්ගයේ ගිනි අවිය ඊයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගිය සුජිත් හිමාල් හෙවත් ස්ටිකර් සජිත් නැමැත්තා සතුව තිබී හමුව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබූ පුද්ගලයෙකු බව හික්කඩුව පොලීසියේ ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළා.
හික්කඩුව ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි ස්ටිකර් අලෙවිසැළක් අසළ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණේ ඊයේ පස්වරුවේයි.
මියගිය එක් අයෙකු සුජිත් හිමාල් හෙවත් ස්ටිකර් සජිත් නැමති 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙක් පුද්ගලයා තුෂාන් ධනුද්ධර නමැති 26 හැවිරිදි තරුණයෙකු බවයි පොලීසිය සදහන් කළේ.
යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු අදාළ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ පිහිටි ස්ටිකර් අලෙවිසළ තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුනා.
වෙඩි තැබීමෙන් පසු මෙම පුද්ගලයින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණ ද ඔවුන් රෝහල් ගතකරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ප්රකාශකයෙකු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
රත්ගම ප්රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් සහ පොඩි ලැසී නැමති පාතාල සාමාජිකයාගේ කල්ලි අතර පවතින ගැටුමක ප්රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල දිස්ත්රික් සහකාර පොලිස් අධිකාරී සතිෂ් ගමගේ ගේ මෙහෙයවීම යටතේ පොලිස් කණ්ඩායම් 4ක් යොදවා තිබෙනවා.

Follow US
Most Viewed Stories