කණගාටුවක් නැතැයි රවීගෙන් ප්‍රකාශයක්

Wednesday, 24 May 2017 - 13:06

%E0%B6%9A%E0%B6%AB%E0%B6%9C%E0%B7%8F%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මුදල් අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම පිළිබදව කණගාටුවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

බී.බී.සී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

එහිදී බී.බී.සී මාධ්‍යවේදියා අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම කිසියම් පාර්ශවයක බලපෑමක් මත සිදුවූයේ ද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඊර්ෂ්‍යාවෙන් පෙලෙන කිහිපදෙනෙකු නිසා තමන්ට මුදල් අමාත්‍ය ධුරය අහිමිවූ බවයි.

මේ අතර, හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි අද (24) නිපුණතා හා වෘත්තීය පුහුණු අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories