ජනපති කැබිනට් සංශෝධනය කළේ දීර්ඝ අධ්‍යයනයකින් පසුවයි - අමරවීර

Wednesday, 24 May 2017 - 13:23

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%BB
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කැබිනට් සංශෝධනය සිදු කරනු ලැබුවේ දිර්ඝ කාලයක සිට ඒ පිළිබදව සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසනවා.

පක්ෂ මුලස්ථානයේ අද (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මේ බව කියා සිටියා.

මුදල් අමාත්‍යංශය යටතේ පවතින ආයතන කිහිපයක් රවි කරුණානායක යටතට ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබේද යන්න පිළිබදව ද මාධ්‍යවේදින් මෙහිදී විමසා සිටියා.

එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ මෙතෙක් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි.

අමාත්‍යවරයා කියා සිටියේ කැබිනට් සංශෝධනයෙන් පසු ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක අතර, ගැටුමක් නිර්මාණය වනු ඇති බවට විපක්ෂය බලාපොරොත්තු වුවද එය ඉටු නොවූ බවයි.

මේ අතර, අන්තවාදීන් සම්බන්ධයෙන් කිසිදු භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා බලය පොලිසියට ලබාදී ඇති බවද එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories