කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Wednesday, 24 May 2017 - 15:13

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දිවයින වටා වන මුහුදු ප්‍රදේශලව වැසි සහ සුළං තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද පස්වරු 2 ට විශේෂ කාලගුණ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ නිරිතදිග මෝසම් කාලගුණික තත්වය දිවයින හරහා සහ දිවයින වටා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බවයි.

මේ හේතුවෙන් මන්නාරම සිට කොළඹ / ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 60 ත් 70 ත් පමණ දක්වා වන තද සුළං ඇතිවිය හැකියි.

සුළං ඇතිවන විට එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රලු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම එම මුහුදු ප්‍රදේශවල තද වැසි ද බලාපොරාත්තු විය හැකියි.

සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 60 ත් දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ද විටින් විට රලු වනවා.

මේ පිලිබඳ විමසිලිමත් වන ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories