update : ධීවරයින් 67 ක් සමග අතුරුදන් වූ යාත්‍රා පැමිණේ

Wednesday, 24 May 2017 - 17:50

update+%3A+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+67+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
මඩකලපුව - එරාවුර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගොස් අතුරුදන්වූ බවට වාර්තාවුණු යාත්‍රා 19  නිරුපද්‍රිතව ගොඩබිමට පැමිණ ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ පවසනවා.  

මීට පෙර එම යාත්‍රා අතුරුදන් වී ඇති බවට  ලැබුණු තොරතුරු අනුව එම යාත්‍රා සොයා ඩෝරා යාත්‍රා යොදාගෙන මෙහෙයුම් ආරම්භ කරනු ලැබුවේ.

කෙසේ නමුත් මෙම ධීවර පිරිස නැවත ගොඩබිමට පැමිණ එරාවුර් පොලීසිය වෙත ඒ පිළිබඳව දැනුම්දී තිබෙනවා.

පුන්නකුඩා සහ සව්කඬේ ප්‍රදේශයෙන් මුහුදු ගිය මෙම යාත්‍රා ගොඩබිමට පැමිණීමට ප්‍රමාදවී ඇත්තේ මුහුද දැඩි ලෙස රළු වී තිබීම හේතුවෙන්.

එම ධීවර යාත්‍රා 19 සමග ධීවරයින් 67 දෙනෙකු සිට ඇති අතර, ඔවුන් එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

Wednesday, 24 May 2017 - 17.50
--------------------------------------------------------------------------

අතුරුදන් වූ බව කියන ධීවර යාත්‍රා 19 ක් සොයා නාවික හමුදා මෙහෙයුම්

මඩකලපුව - එරාවුර් ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රා 19 ක් අතුරුදන්ව ඇති බවට නාවික හමුදාවට තොරතුරු ලැබී තිබෙනවා.

ඒ අනුව එම යාත්‍රා සොයා ඩෝරා යාත්‍රා යොදාගෙන මෙහෙයුම් ආරම්භ කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් චමින්ද වළාකුළුගේ ප්‍රකාශ කළේ.

මෙම යාත්‍රා පුන්නකුඩා සහ සව්කඬේ ප්‍රදේශයෙන් මුහුදු ගොස් තිබෙනවා.

මේ අතර ත්‍රිකුණාමලය - නිලාවේලි මුහුදේදි තද සුළං අතරතුර ධීවර කටයුතුවල නිරතවූ යාත්‍රාවක්ද අද පෙරළී ගොස් තිබුණා.

එහි සිටි එක් ධීවරයෙකු මුහුදට වැටී අනතුරට ලක්වුවත්  තවත් ධීවරයන් පිරිසක් ඔහු මුදාගත් බවයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නිරිතදිග මෝසම් කාලගුණය සක්‍රිය වීම හේතුවෙන් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද සඳහන් කළා.

ඒ අනුව මන්නාරමේ සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 60 ත් 70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

නාවික සහ ධීවර ප්‍රජාව ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවිය යුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවද සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories