වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය දියත් කළ සයිටම් විරෝධී පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය අද කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළා.
ඒ, විරෝධතාකරුවන් ලෝටස් වටරවුමෙන් වසා දැමුණු ගාලූ මුවදොර පිවිසුම් මාර්ගයේ ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමගයි.
‘‘පාලකයිනි මර්දනය නවතනු, සයිටම් හොර උපාධි කඩය අහෝසි කරනු’’ සටන් පාඨය පෙරටු කරගනිමින් වෛද්‍ය සිසුන් සහ දෙමව්පියන් සිය විරෝධතා පා ගමන ආරම්භ කළේ කොළඹ - කොටුව දුම්රියපල ඉදිරිපිටින්.
පා ගමන ලෝටස් මාර්ගයෙන් ඉදිරියට ගමන් කිරීමත් සමග පොලීසිය පැමිණ සාකච්ඡා මාර්ගයෙන් එම විරෝධතාව නැවැත්වීමට උත්සහ දරනු ලැබුවේ විරෝධතාවයේ නිරත පිරිසේ එක් නියෝජිතයෙකුට ජනාධිපති ලේකම් කාර්යාල නිලධාරියෙකු හමුවීමට අවස්ථාව ලබාදෙන බව පවසමින්.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් එය ප්‍රතික්ෂේප කළ අතර අදාළ ලේකම්වරයාට එම ස්ථානයට පැමිණෙන ලෙසයි ඔවුන් එහිදී සඳහන් කරනු ලැබුවේ.
ඊට පොලීසියෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු අතර, පසුව විරෝධතාකරුවන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගයේ පොලිස් මාර්ග බාධක බිඳ දැමීමට උත්සාහ කළා.
ඉන් අනතුරුවයි විරෝධතාකරුවන්ට පොලීසිය ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් එල්ල කරනු ලැබුවේ.
විරෝධතාව අතරතුර එල්ල කළ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර හමුවේ එම සිද්ධිය ආවරණයට පැමිණි පුවත්පත් ඡායාරූප ශිල්පියෙකු තුවාල ලබා ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කළා.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශිකාවක සඳහන් කළේ.

Follow US
Most Viewed Stories