අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අවධානමක්

Wednesday, 24 May 2017 - 22:40

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
රත්නපුර / දෑල සහ මල්වල ප්‍රදේශවල කලු ගඟ අවට ජීවත්වන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම්දී තිබෙනවා.

ඒ පවතින අධික වර්ෂාවත් සමග කලු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන්.

එමෙන්ම මෙම වර්ෂාවත් සමග නාය යාම් පිළිබඳව ද සැලකිලිමත් වන ලෙසටයි රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්වල අවධානම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත / පැල්මඩුල්ල / කුරුවිට / ඇහැලියගොඩ / කිරිඇල්ල සහ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව සහ ඒ අවට පිරිස් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු වනවා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ජනතාව ද නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු වනවා.

මීට අමතරව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ හැකියාවක් ඇති බවට හඳනාගෙන ඇති ප්‍රදේශවල ජනතාව ද නායයාම් පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories