කීත් නොයාර්ට පහර දුන්නේ අත්අඩංගුවට ගත් බුද්ධි අංශයේ හයදෙනා බව නීතිපති අධිකරණයට දන්වයි

Thursday, 25 May 2017 - 7:38

%E0%B6%9A%E0%B7%93%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%BA%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප නියමවූ යුද හමුදා මේජර්වරයා ඇතුලූ හමුදා බුද්ධි අංශ සාමාජිකයින් හයදෙනා මෙම පහරදීමට ඍජුව සම්බන්ධ බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ඊයේ දැනුම් දුන්නා.

පසුගියදා ගල්කිස්ස අධිකරණයෙන් සැකකරුවන්ට ඇප හිමිවූ අතර, ඊට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ ගොනුකළ ප්‍රතිශෝධිත අයදුම්පත ඊයේ විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම දැනුම්දීම කර ඇත්තේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කියා සිටියේ මාධ්‍යවේදී කීත් නොයාර් දොම්පේ ප්‍රදේශයේ නිවාසයක රඳවාගෙන පහරදී ඇති බවට තොරතුරු හෙලිව ඇති බවයි.

අදාළ පැහැරගැනීම සිදුකළ ස්ථානයේ සිට දොම්පේ ඔහු රඳවා සිටි නිවස දක්වා වූ ප්‍රදේශයේ භාවිතා කරන ලද දුරකථන අංක පරීක්ෂා කිරීමේදී ඒවා අදාළ බුද්ධි අංශ සාමාජිකයන් භාවිත කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මහාධිකරණයට දැනුම් දුන්නේ.

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යුද හමුදා මේජර්වරයා ඇතුළු සැකකරුවන් 6 දෙනාට ගල්කිස්ස මහේස්ත්‍රාත්  අධිකරණයෙන් ඇප නියම වූයේ පසුගිය මාර්තු 30 වනදායි.

සිද්ධියේ පළමු සැකකරු වන යුද හමුදා මේජර්වරයා හැර සෙසු සැකකරුවන් පස්දෙනා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්.  

‘නේෂන්’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ කීත් නොයාර් කිසියම් පිරිසක් පැහැර ගෙන ගොස් පහර දී තිබුණේ 2008 වසරේ මැයි මස 22 වන දායි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories